ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන පළමු 20යි 20 තරඟයට අද සිදු වූ දේ බලන්න..
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (17) ආරම්භ වූ තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන 20-20 තරගාවලියේ පළමු තරගය තියුණු ජයග්‍රහණයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
මෙම තරගය ලකුණු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
මෙහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 160ක් ලබා ගැනීමට සමත් වුණා.
ලකුණු161ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාගැනීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 156ක් පමණයි.
මෙහිදී පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඔසවා තැබූ වනිඳු හසරංග පන්දු 32ක් තුළ ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වුණා.
තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර මේ සදහා ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් එක්ව සිටියා.
පළමුව කාසියේ වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
