දඹුල්ලේදී උණුසුම් තත්වයක්. - නිවේදනය කරලා තියෙද්දිත් ක්‍රීඩා ලෝලීන් ගේට්ටු කඩාගෙන ඇතුළට පනී. - (VIDEO)

Report

දඹුල්ලේදී පැවැත්වෙන අද තරගය සහ මීළඟ පන්දුවාර 20 තරගයේ ද සියළුම ප්‍රවේශපත්‍ර මේ වන විට විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ(18) නිවේදන කළා.

කෙසේ වෙතත් එලෙස නිවේදනය කර තිබුන ද. අද පෙරවරුවේදී දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ප්‍රවේශපත්‍ර විකිණීමට කටයුතු කර තිබුණා.

එක් අයෙකුට ප්‍රවේශපත් දෙකක් මෙහිදි ලබා දීමට කටයුතු කළ අතර එහිදී ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන දෙවැනි පන්දුවාර 20 තරගය අද රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතයි.