කොරෝනා මළසිරුරු ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණය හමුවේ කියූ කතාව.

Police covid 19
By Thaya Jan 02, 2021 06:21 AM GMT
Report

මහර බන්ධනාගාරය තුළ නොවැම්බර් 29 වැනිදා ඇතිවූ ගැටුමෙන් මියගොස් සිටි තවත් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනය කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එම රැඳවියන් සිව් දෙනාම කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගැනුණා.

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙක් මියගිය අතර ඉන් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත් අතර ඒ අනුව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ විශේෂඥ කමිටුවක් මගින් සිදුකළා.

මේ අතර මෙම නඩුව අද (30) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ දී කරුණු දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ කොවිඩ් ආසාදිත දේහ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය "ඒවා ආදාහනය කළ යුතුය" යන්න බවයි.