ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා විශේෂ දුරකථන සේවාවක්.....

Eye clinic
By Thaya Jan 22, 2021 07:18 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා අක්ෂී රෝහලේ විශේෂ අක්ෂි සායන සදහා විශාල වශයෙන් රෝගීන් පැමිණීම නිසා පවතින කොවිඩ් - 19 රෝගී තත්ත්වය සමග විධිමත් ලෙස සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම අපහසු වී ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ එල්.එල්.යූ.සී කුමාරතිලක මිය පෙන්වා දෙයි.

දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක වලින් විශාල වශයෙන් පැමිණෙන ජනතාව, ඉතා සීමිත ඉඩ ප්‍රමාණයක ඒකරාශිවීම නිසා ප්‍රධාන ලෙසම සමාජ දුරස්ථභාවය නිසි ලෙස පවත්වාගෙන යාම අපහසු වී ඇති බව ද රෝහල් අධ්‍යක්ෂ තුමිය පෙන්වා දී ඇත.

එම තත්ත්වය නිසා ආරක්ෂිත පියවරක් ලෙස ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණීමට ප්‍රථම සායනයට දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගෙන පැමිණීම අත්‍යාවශ්‍ය බවත්, තමාගේ සායන පවත්වනු ලබන කාමර අංකයට අදාල දුරකථන අංකයට අදාල සායන දිනයේදී (රාජකාරී දිනයන්හි දී පමණක්) දුරකථන ඇමැතුමක් ලබාදිය යුතු බව ද ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ එල්.එල්.යූ.සී කුමාරතිලක මිය වැඩිදුරටත් පෙන්වා දෙයි.


GalleryGallery