උත්සව සමයේ විනෝද චාරිකා යන පිරිස් අහඔු පරීක්ෂණ සදහා විශේෂ කණ්ඩායම් ...

Festive season
By Thaya Jan 13, 2021 06:39 PM GMT
Thaya

Thaya

Report

උත්සව සමයේ නෑදැ ගමන්, විනෝද චාරිකා යන පිරිස් අහඹු පරීක්ෂණ වලට ලක් කිරීමට කණ්ඩායම් යොදවා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසයි.

තෛයිපොංගල් උත්සවය සමග දීර්ඝ නිවාඩුවක් වන බැවින් නිවෙස්වලටම වී තෛපොංගල් උත්සවයත් අනෙක් උත්සව සැමරූ අයුරින් සමරන ලෙසත්, කොවිල් වැනි ස්ථාන වලට ඒකරාශී නොවන ලෙසත් උපදෙස් ලබාදෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා උත්සව සමයේ නෑදැ ගමන්, විනෝද චාරිකා සහ ගම්බිමි බලා යෑමට ජනතාව සැළසුම් කොට ඇති බැවින් එසේ යන පිරිස්ගේ අහඹු පරික්ෂණ සිදු කිරීමට කොළඹින් ස්ථාන 11 ක කණ්ඩායම් යොදවා ඇති බවත්, පැය 24 පුරාම මෙම කණ්ඩායම් යෙදවීමට ඉඩකඩ තිබෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

උත්සව සමයේ නෑදැ ගමන්, විනෝද චාරිකා යන පිරිස්ගේ අහඹු පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවත්, කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට ඊයේ (12) දින වන තෙක් පී.සී.ආර් පරීක්ෂණ 1,427,366 ප්‍රමාණයක් සිදු කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

අද දින (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.

ඊයේ දින (12) රාත්‍රීයේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් දුර ගමන් සේවා බස් රථ ආශ්‍රිතව සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100 ක් තුලින් කොවිඩ් වෛරසය ආසාදිතයින් 02 ක් හදුනා ගැනීමට හැකි වූ බවත්, අද දිනයෙත් (13) කොළඹින් පිටවන ස්ථාන 11 ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා තිබෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.