අද කොළඹට විශේෂ පොලිස් ආරක්ෂාවක්.
By Wayomi
දෙසැම්බර් 31 වනදා වන අද කොළඹ නගරයේ පොලිස් ස්ථාන 5 ක් ආවරණය වන පරිදි අද විශේෂ ආරක්ෂක සහ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයද ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ 2024 නව වසර උදාවත් සමඟ ගිනිකෙළි භාවිතයෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට කටයතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරන අතර බීමතින් රිය පැදවීමෙන් සිදුවිය හැකි අනතුරු මෙන්ම ගෘහස්ථ අනතුරු වලක්වා ගැනීමට ද කටයුතු කිරීම වැදගත් බවත් පොලිසිය අවධාරණය කරනවා.