ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගයට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක්

Report

හෙට (19) පැවැත්වෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ක්‍රිකට් තරගය සැලකිල්ලට ගනිමින්, ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව සහ රථවාහන ගමනාගමනය විධිමත් කිරීමට පොලීසිය විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබේ.

තරගය පැවැත්වෙන දිනයේ සිටම ක්‍රියාත්මක වන මෙම සැලැස්ම හරහා ක්‍රීඩාංගනය අවට ප්‍රදේශවල රථවාහන පාලනය සහ ආරක්ෂාව දැඩි කිරීමට නියමිතය.

අද (18) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, තරගය නිරායාසව නැරඹීමට පැමිණෙන ජනතාවට අපහසුතාවයකින් තොර වාතාවරණයක් සැපයීම පොලීසියේ ප්‍රධාන අරමුණ බවයි.

ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට - පොලිසියෙත් වැඩ තහනම්

ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට - පොලිසියෙත් වැඩ තහනම්

එමෙන්ම හෙට දහවල් 12ට ක්‍රීඩාංගනයේ දොරටු විවෘත කරන බැවින්, එම වේලාවට හෝ ඊට පෙර පැමිණීම රථවාහන තදබදය සහ ප්‍රමාදයන් අවම කරගැනීමට උපකාරී වන බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

"අපි විශේෂයෙන්ම ප්‍රේක්ෂක ජනතාවට කියනවා දහවල් 12 සිට දොරටු විවෘත්තව කිරීමට බලාපොරොත්තු වෙනවා. සවස 15 සිට තරගය ආරම්භ කිරීමට නියමිතයි. දොරටු විවෘත්ත කරන්නේ දහවල් 12ට. ඒ වේලාවටම පැමිණියොත් රස්තියාදුව නැතිවෙනවා වගේම අපේ රාජකාරියටත් පහසුයි. "ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගයේදීත් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරග පැවති දිනයේ දී ක්‍රියාත්මක වූ විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. " "රථ වාහන නැවැත්වීමට නොහැකි මාර්ග තියෙනවා. ඒවාගේ දහවල් 12 සිට රථවාහන අපි නවත්වන්න ඉඩ දෙන්නේ නෑ. "

එම මාර්ග,

1) සංඝරාජ මාවත සහ සුමනදිසි මාවත

2) වින්සන් පෙරේරා මාවත

3) බ්‍රිටෝ බාබා පුල්ලේ ප්‍රෙදෙස, පන්සල පාර, ඛෙත්තාරාම පාර

4) සෙබස්තියන් ඇල පාර

5) අඩි සියේ මාර්ගය

6) ශ්‍රී බෝධිරාජ මාවත

7) මාලිගාවත්ත පටුමග සහ ජුම්මා මස්ජිද් පාර

8) ප්‍රදීපා මාවත සහ සද්ධර්ම මාවත

එමෙන්ම තරගය පැවැත්වෙන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ඇතුල්වීමට ඇති මර්ගවලද රථ වාහන ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රධාන මාර්ගයේ බස් දෙකක් ගැටී දරුණු අනතුරක් - 25ක් රෝහලට

ප්‍රධාන මාර්ගයේ බස් දෙකක් ගැටී දරුණු අනතුරක් - 25ක් රෝහලට

මේ අතර රථවාහන නවතා තැබීමට අවසර හිමි රථගාල් 6ක් ඇති බව පොලීසිය පවසයි.

1 ක්‍රීඩා භූමිය රථගාල - වාහන 165 - VIP සහ VVIP pass, මාධ්‍යට

2) සතොස සහ දුම්රිය අංගනයට - සැහැල්ලු වාහන 500ක් ත්‍රීවිල් , වැන් රථ, යතුරු පැදි කාර් රථ සෙබස්තියන් ඇල පාර

3) පළමු පාලම සහ දෙවන පාලම දක්වා - වාහන 80ක්

4) ඇපල් වත්ත - 150යි 5) කෝවිල පාර - 200යි

6) අඩි සිය මාර්ගය දෙපස - 150යි

මේ අතර ප්‍රේක්ෂකයන්ට යම් ගැටලුවක් සම්බන්ධයෙන් විමසීමට අවශ්‍ය නම් පොලීස් නිලධාරීන්ගේ විමසීමට හැකි බවත් එසේත් නැතිනම් 0112- 433 333 දුරකථන අංකය අමතා සහාය ලබාගත් හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.