එක ඇසක් නොපෙනෙන ඉම්රාන් ඛාන්ගේ තත්ත්වය අසා ක්‍රිකට් නායකයන් කම්පා වෙයි

Report

සිරගත කර සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් වෙනුවෙන් ලොව පුරා හිටපු ක්‍රිකට් නායකයින් 14 දෙනෙකු පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් වෙත ලිපියක් යොමුකර තිබෙන බවට සඳහන් වේ.

ඒ අනුව ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් ලබාදෙන අවම පහසුකම් පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් ඔවුන් අදාළ ලිපිය යොමුකර ඇති බවට වාර්තා වේ.

ලිපිය යොමු කරමින් එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ ඉම්රාන් ඛාන්ට "ගෞරවයෙන් හා මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ සැලකිල්ලෙන්" කටයුතු කරන ලෙසය.

ලන්ඩන් ගමනට එරෙහි නඩුවට රනිල්ට ඇප ලබාදීම ගැන ගැටලුවක් - කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර

ලන්ඩන් ගමනට එරෙහි නඩුවට රනිල්ට ඇප ලබාදීම ගැන ගැටලුවක් - කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර

බන්ධනාගාරයේ දී ඉම්රාන් ඛාන්ට අවම වෛද්‍ය පහසුකම් හෝ නොලැබෙන බව ඛාන්ගේ පවුලේ අය පවසන අතර, මේ වනවිට ඔහුගේ එක් ඇසක් සම්පූර්ණයෙන්ම පාහේ අන්ධ වී ඇති බවට වාර්තා වේ.

ඒ සමඟ බොහෝ දෙනෙක් ඔහුගේ තොරතුරු සොයා බැලීමට යොමු විය. ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත්තේ ද ඛාන්ගේ ඇසක් මෙලෙස සම්පූර්ණයෙන්ම නොපෙනෙන බවට පලවූ වාර්තාවත් සමග බව සඳහන්ය.

අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක් ඉදිරිපත් වෙයි

අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක් ඉදිරිපත් වෙයි