බිමත් රියදුරන් සොයා විශේෂ පොලිස් මෙහෙයුමක්

Police
By Thaya Mar 08, 2021 05:44 PM GMT
Report

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කිරීමට පොලීසිය තීරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය . ඒ, දෛනිකව සිදුවන රිය අනතුරුවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමගයි. ඊයේ දිනය වනවිට ගත වූ පැය 24 තුළ පමණක් සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි. ඔහු සඳහන් කළේ, බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා සෑම පොලිස් ස්ථානයකටම අමතර උපකරණ ලබා දීමට කටයුතු කර ඇති බවයි. මේ අතර, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා රාත්‍රී සමාජ ශාලා අසල විශේෂ මෙහෙයුමක් ද පොලීසිය විසින් මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.