ඡන්ද දායකයින්ට විශේෂ දැනුම් දීමක්.
Election
By Thaya
2020 ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචිවීමට නිර්දේශ වී නොමැති පුද්ගලයින්ට ලබන 19 වනදාට පෙර ඒ සම්බන්ධයෙන් විමසීම් සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිවීම සඳහා නිර්දේශ වී ඇති පුද්ගලයින්ගේ නාමලේඛනය www.elections.gov.lk වෙබ්අඩවියෙන් පරික්ෂා කිරිමේ හැකියාව පවතී.
කෙසේවෙතත්, යම් පුද්ගලයෙකුගේ නම එහි සඳහන් වී නොමැති නම් ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිවරයා මාර්ගයෙන් ලබන 19 වනදා ට පෙර ඒ සම්බන්ධයෙන් විමසීම් සිදුකර ඡන්දහිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනිම සඳහා ඉල්ලීම් සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
ඊට අමතරව 0112 860031, 0112 860032 හා 0112 860034 යන දුරකථන අංක ඔස්සේ ද ඒ පිළිබඳ ව විමසීම් සිදුකළ හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.