පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්.

Police Ajith Rohana
By Thaya Feb 18, 2021 07:51 PM GMT
Thaya

Thaya

Report

කිසියම් පුද්ගල කණඩායමක් විමර්ශන සඳහා යැයි නිවසකට හෝ ස්ථානයකට පැමිණයහොත් ඔවුන්ගේ පොලිස් හැඳුනුම්පත පරීක්ෂා කිරීමට ජනතාවට අයිතියක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රේහණ මහතා පැවසීය. මේ ආකාරයෙන් නිවසේවලට කිසියම් කණ්ඩායමක් පැමිණියහොත් ඔවුන්ගේ හැදුනුම්පත ඉල්ලා පරීක්ෂා කරන ලෙසට සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වෙනත් විමර්ශන කණ්ඩායම්වල නිලධාරීන් වශයෙන් අඟවමින් සංවිධානාත්මක කණ්ඩායම් නිවෙස් වෙත පැමිණ කොල්ලකෑමේ නිරත සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇති බවද, මේ සිද්ධීන්වලට ආසන්නතම සිදුවීම් කතරගම දී අහුංගල්ල විහාරස්ථාන දෙකකින් වාර්තා වී ඇති බවද හෙතෙම කීය.

කතරගම විහාරස්ථානයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බවට අගවමින් පැමිණි පිරිසක් එහි වටිනා පිළිමයක් හා ජංගම දුරකතනයක් පැහැරගෙන ගොස් පලා ඇති බවත්, බස්නාහිර පළාතේ විමර්ශන කණ්ඩායමක පිරිස් බවට පවසා අහුංගල්ල විහාරස්ථානයකට පැමිණ පිරිස් මුදල් කොල්ලකෑමට තැත් කිරීමේ දී ගම්වැසියන් එම ස්ථානයට පැමිණීම නිසා ඔවුන් පිරිස පලාගොස් ඇති බවද හෙතෙම කීය. සංවිධානාත්මක කල්ලි විසින් මෙම ක්‍රියාවන් දිගින් දිගටම සිදුකිරීමට උත්සහ ගන්නා හෙයින් ජනතාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.