කොළඹ නගරයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්.

Colombo
By Thaya Feb 17, 2021 05:00 PM GMT
Report

ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැළකිල්ලට ගනිමින් අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි. පසුගිය දිනක ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ චන්දිම ජීවන්දර මහතා විසින් සොයාගත් එම නව වෛරස ප්‍රභේදය කොළඹ නගරය තුළ ව්‍යාප්තව ඇතැයි ද වෛද්‍ය රුවන් විජේමුණි මහතා කියාසිටියේය.

ඒ අනුව මංගල උත්සව, උපන්දින සාද හා රාත්‍රී සමාජ ශාලා පැවැත්වීම නතර කළ යුතු බව ද පැවසු වෛද්‍යවරයා, හැකි තරම් සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටිය යුතු බවත් එසේ නොවුනහොත් කොළඹ නගරය තුළ වැඩි වශයෙන් කොවිඩ් ව්‍යාප්ත විය හැකි බවටත් අනතුරු ඇඟවීය. “මෙය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකියි. මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මංගල උත්සව, උපන්දින සාද හා නයිට් ක්ලබ් ඒවගේ දේවල් නොකළ යුතුයි. ඒ වගේම හැකි තරම් මේ සෙනඟ ගැවසෙන තැන්වලට නොගිහින් ඉන්න. මොකද එසේ නොවුනහොත් අපිට තවත් රෝගීන්ගේ වැඩිවීමක් කොළඹ නගරය තුළ සහ පොදුවේ ලංකාවෙන් දැකගත හැකිය.“