මෙරටට ගෙන ආ කොවිඩ් එන්නත පිළිබඳ විශේෂ දැනුම්දීමක්.
Covid-19
Corona Vaccine
By Thaya
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත තහනමක් අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ. එන්නත භාවිතයෙන් රුධිර කැටිති ඇති විය හැකි බවට පිළිගත හැකි සාක්ෂි හමුව නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. එබැවින් එන්නත භාවිතය අත්හිටුවීමට රටවල් පියවර නොගත යුතු බව ඔවුන් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් ඩෙන්මාර්කය, බල්ගේරියාව, නෝර්වේ ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් මේ වනවිට ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතය අත්හිටුවා ඇත්තේ රුධිර කැටි සිදුවීම් කිහිපයක් වාර්තා වීම හේතුවෙනි. එම එන්නත යුරෝපය පුරා ලක්ෂ 50කට අධික පිරිසක් භාවිත කර ඇති අතර රුධිර කැටිති ඇතිවීම් 30ක් පමණක් වාර්තා වී ඇති බව විදෙස් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.