විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..

Foreign
By Thaya Feb 25, 2021 05:51 PM GMT
Thaya

Thaya

Report

විදේශ රැකියා හා සම්බන්ධ විවිධ දැන්වීම් සමාජ මාධ්‍යවල පළ කරමින් සිදු කරන ජාවාරම්වලට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවට දැනුම්දෙයි. සාමජ මාධ්‍යයෙහි විවිධ දැන්වීම් පළ කරමින් විදෙස් රැකියා අපේක්ෂකයින් මුලා කොට විවිධ ජාවාරම් සිදු කරන බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම සිය කාර්යංශයට ද පැමිණිලි ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. බලපත්‍රලාභි රැකියා නියෝජිතායතනවලට විදේශ රැකියා සඳහා නීත්‍යනුකූල දැන්වීම් පළ කිරීමට අනුමැතිය හිමි වන්නේ පුවත්පත්, රූපවාහිනි සහ ගුවන් විදුලි වැනි මාධ්‍යවල ඔස්සේ පමණක් බව එම නිවේදනයේ සඳහන් වේ.

සමාජ මාධ්‍යවල දැන්වීම් හෝ තොරතුරු පළ කිරීමට කාර්යංශයෙන් අනුමැතිය ලබා නොදෙන බවත් සමාජ මාධ්‍යවල විදේශ රැකියා හා සම්බන්ධ දැන්වීම් පළ කිරීම කාර්යංශ පනතට අනුව නීතිවිරෝධි හා දඬුවම් ලැබිය හැකි වරදක් වන බව ද එහි සඳහන් ය. එබැවින් එවැනි සමාජ මාධ්‍ය හරහා පළවන දැන්වීම්වලට ප්‍රතිචාර නොදක්වන ලෙස මෙන්ම ඒවායේ පළවන ව්‍යාජ තොරතුරු පිළි නොගන්නා ලෙස ද කාර්යංශය ජනතාවට දැනුම්දෙයි.