ලංකාවට අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ගැන විශේෂ දැනුම්දීමක්
මැදපෙරදිග රටවල දැනට පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය ආහාර වර්ගවල හිඟයක් ඇති වීමට හෝ මිල ගණන්වල විශාල ඉහළ යෑමක් සිදුවීමට හේතුවක් නොමැති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පවසයි.
සාකච්ඡාවකදී ඔහු තවදුරටත් කියා සිටියේ;
කෙසේ වෙතත්, නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුවල සුළු ඉහළ යෑමක් සහ ඇණවුම්වල කෙටි ප්‍රමාදයන් හේතුවෙන් මේ වන විට ආනයනික භාණ්ඩවල මිල ගණන් 5% සිට 10% දක්වා ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.
එළැඹෙන උත්සව සමය සඳහා බොහෝමයක් අත්‍යවශ්‍ය ආහාර වර්ග මේ වන විට ඇණවුම් කර අවසන් බවත්, එම භාණ්ඩ බොහෝමයක් ඉන්දියාව හරහා පැමිණීම නිසා ආහාර තොග ලැබීමේ හෝ මිල ගණන්වල විශාල වෙනස්කම් ඇති වීමේ අවදානමක් නොමැති බවත් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අනුව, ජනතාවට උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර සැපයුම හෝ මිල ගණන් පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ඔහු අවධාරණය කළේය.