මාතර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක්
By Shani
මාතර බන්ධනාගාරයේ රැඳවූවන් 9 දෙනෙකු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.
මෙම මාරු කිරීමත් සමඟ මාතර බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, එය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය කැඳවීමට බලධාරීන් ක්‍රියා කළහ.
මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැමිණ විමර්ශන සිදු කරමින් සිටිති.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය රැඳවියන් අතර ගැටුම් හෝ බලහත්කාරකම් හේතුවෙන් ඇති වූ බවට මූලික තොරතුරු ලැබී ඇති අතර, තත්ත්වය පාලනයට ගෙන ඇති බව බන්ධනාගාර බලධාරීන් පවසයි.