විවාහ වෙන්න ඉන්න අයට විශේෂ ආරංචියන්...බීමත් සපුරා තහනම් කෙරේ.

Marriage
By Thaya Jan 07, 2021 10:20 PM GMT
Thaya

Thaya

Report

මංගල උත්සව සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබෙනවා.

එම උපදෙස් මාලාව මේ වසරේ ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මංගල උත්සවයකට සහභාගි කරවාගත හැකි අමුත්තන් උපරිම සංඛ්‍යාව 150 ක් වන අතර එය මංගල ශාලාවේ ධාරිතාවෙන් සියයට 50 ක් විය යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ එම උපදෙස් මාලාවේ සඳහන් වේ.

උත්සව ශාලාවට අමතරව නිවෙස්වල හෝ ආගමික ස්ථානවල හෝ පවත්වන මංගල උත්සවලට ද අමුත්තන් 150 උපරිමය වලංගු වන අතර එම ස්ථානවල ද ධාරිතාව සියයට 50 නියමය අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මාලාවේ සඳහන් වේ.

මංගල උත්සවයට සහභාගි වන නර්තන කණ්ඩායම්වල හා සේවා සපයන්නන්ගේ උපරිම සංඛ්‍යාව 20 නොඉක්මවිය යුතු බව ද එම උපදෙස් මාලාවේ සඳහන්ය.

ශාරීරික දුරස්ථභාවය ආරක්ෂා කිරීම, මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම වැනි පොදු උපදෙස් මංගල උත්සවයට පැමිණෙන සියලු අමුත්තන් විසින් පිළිපැදීම අනිවාර්ය බව ද එහි සඳහන් කර තිබේ.

වාතාශ්‍රය හුවමාරු වන ආකාරයට වායුසමීකරණ යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය ඇතිකළ යුතු අතර මීටරයක දුරස්ථභාවය රැකෙන පරිදි ආසන පනවා තිබිය යුතු බව ද සෞඛ්‍ය උපදෙස් මාලාවේ සඳහන් වේ.

මංගල උත්සවවලදී දුම්පානය, මත්පැන් පානය සහ බුලත්විට කෑම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.

මීට අමතරව සෞඛ්‍ය උපදෙස් තවත් කීපයක් ද මංගල උත්සව සඳහා නියම කර තිබේ.