රංජන් ගේ පාර්ලිමේන්තු අසුන ගැන කථානායකගේ ස්ථාවරය ඉදිරි සති 03 තුළ

Parliament
By Thaya Jan 19, 2021 04:58 PM GMT
Thaya

Thaya

Report

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවී සිර දඩුවම් නියමවී සිටින රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගීවීමට අවසර දිය හැකිද හා් නොහැකිද යන තීරණය සති තුනක් ඇතුලත තමන් ප්‍රකාශයට පත්කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනුයි කථානායකවරයා මේ බව සදහන් කළේ.

රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් මතුව ඇති මතබේදාත්මක තත්වය පිළිබදව විධිමත් නීති උපදෙස් ලබාගෙන තම තීරණය ප්‍රකාශයට පත්කරන බවත් මේ සම්බන්ධයෙන් ඕනෑම මනත්‍රීවරයෙකුට යමක් දැනුම්දීමට ඇත්නම් සති දෙකක් ඇතුලත ලිඛිතව එම කරුණු තමන් වෙත භාර දෙන ලෙසත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා.