පොලීසියෙන් විශේෂ නිවේදනයක්..ඔබත් අවදානයෙන් සිටින්න.(VIDEO)

Police Accident Colombo Galle Ajithi Rohana
By Aruna May 19, 2021 04:23 AM GMT
Aruna

Aruna

Report

නැවතත් මාරක රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව ඊයේ (18) දිනය තුළ පමණ රිය අනතුරුවලින් පුද්ගලයින් 9දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන් මරණ 3ක් ඊයේ දින සිදුවු රිය අනතුරුවලින්, මරණ 5ක් පෙරේදා දින සිදුවු රිය අනතුරුවලින් හා එක් මරණයක් ඊටත් පෙර සිදුව රෝහල්ගත කර සිටිය දී සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

රිය අනතුරු බොහෝමයක් යතුරුපැදි ආශ්‍රයෙන් සිදුවන බවත් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ද රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාවයක් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසීය.

මේ අතර ඊයේ දිනයේ දී ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉඳුරුව ප්‍රදේශයේ දී කොළඹ දෙසට ධාවනය වු ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණට ගැටී අනතුරක් සිදුව තිබේ.

ඉන් බරපතළ තුවාල ලැබු ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ 29 හැවිරිදි බෝපාගොඩ, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර, අක්කරපත්තුව පොලිස් වසමේ අඩ්ඩාලව්වේන ආලන්කුලම මාර්ගයේ සම්බුනගර් ප්‍රදේශයේ දී ආලන්කුලම දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු අක්කරපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වු පෙරිය නිලවනි, මරදමුනේ පදිංචි අයෙකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now