ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා දකුණු අප්‍රිකාව ලකුණු 79ක් පිටුපසින්

innings
By Thaya Dec 28, 2020 07:05 PM GMT
Report

ශ්‍රී ලංකා සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයට නතර කරන විට දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 317 ක්.

එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩීන් එල්ගර් ලකුණු 95ක් ද, එඩීන් මක්‍රම් ලකුණු 68 ක් ද රැස්කරගත්තා

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 396ක් ලබාගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 85 ක් රැස්කළා.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා දකුණු අප්‍රිකාව ලකුණු 79ක් පිටුපසින් සිටින්නේ කඩුලු 6ක් අතැතිවයි.