ශ‍්‍රීලනිප ඇතැමුන් විපක්‍ෂය සමග ගණුදෙනු කරනවා.. එය ඉතා පැහැදිලියි..

SLFP
By Thaya Feb 27, 2021 06:48 PM GMT
Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් විපක්ෂය සමඟ යම් ගනුදෙනුවක යෙදී සිටින බව ඉතා පැහැදිලි යැයි රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. විපක්ෂයට එක්වන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් පවසා නැතැයි ද ඔහු පැවසීය. ස්වාධීන ජනාධිපති කොමිසමකින් ඉදිරිපත් කරන ලද කරුණු පදනම් කරගෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වේ යැයි තමන් විශ්වාස නොකරන බවද ඔහු පැවසුවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ ගැන තීන්දුවක් ගැනීමට අයිතියක් ඇති බවත් එවන් තීන්දුවක් ගතහොත් එය වැරදි තීන්දුවක් යැයි ඔවුන් තේරුම් ගනු ඇති බවත් ඔහු කියා සිටියේය. මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඔහු මේ අදහස් පල කලේය.