කූට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සමහරුන් උත්සාහයක..

Government
By Thaya Jan 28, 2021 08:13 PM GMT
Thaya

Thaya

Report

සක්විති රජකම ලැබුනත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාවා දෙන්නේ නැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අද 69 ලක්ෂයක ජනතාවට වැරදි මත දීලා කූට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සමහරුන් උත්සාහ කරන බවද ඔහු සඳහන් කළේය.

ඉතිහාසයේ නොවූ විරූ ලෝක ව්‍යවසනයකට රට මුහුණ දෙමින් තිබියදී ජනතාවට සහන ගණනාවක් ලබා දී ඇති බවද ඒ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ බලපිටියේ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩලය අමතමිනි.