ඇතැමුන් අපේ පවුල තුල අර්බුද හදන්න හදනවා...

Crisis
By Thaya Mar 13, 2021 07:06 PM GMT
Thaya

Thaya

Report

විවිධ අය තම පවුල තුළ අර්බුද සෑදීමට උත්සාහ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. නමුත් එසේ අර්බුද තම පවුල තුළ සෑදිය නොහැකි බවද ඒ මහතා කියා සිටියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා තමන්ට කිසිම අවස්ථාවක බලපෑමක් කර නැති බවද පැවසූ ඔහු ඔවුන් තමනට ශක්තියක් බවත් සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පැවති හමුවකදීය.