විදේශීය මත්පැන් තොගයක් සමගින් ජාවාරම් කරු කොටු ?..

Liquor
By Thaya Mar 10, 2021 07:17 PM GMT
Thaya

Thaya

Report

මිනුවන්ගොඩ ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුම්කදී තීරු බදු නොගෙවු විදේශීය මත්පැන් ජාවාරම් කරන ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ දහයක් (10 00 000/-) වටිනා විදේශීය මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු ඊයේ (09)කොළඔ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් විදේශීය මත්පැන් තොගයේ විදේශීය මත්පැන් මිලි ලීටර් 97 000 ක් තිබු බව කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී චන්න වීරක්කොඩි මහතා පවසයි. තීරු බදු නොගෙවු විදේශීය මත්පැන් ඉතා රහසිගතව කටුනායක ,මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශවල කාලයක් තිස්සේ ජාවාරම් කර ඇතැයිද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙලිවී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි , සුරාබදු කොසමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒ්කකයේ අධිකාරී චන්න වීරක්කොඩි මහතාගේ අධීක්ෂණටය යටතේ ,කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් , සුරාබදු පරීක්ෂක කේ.ජී.වර්ණතිලක , සුරාබදු කෝප්‍රල් උපුල් නිලන්ත රාජපක්ෂ නියාමක, සිසිල් කරුණාතිලක, හර්ෂ කුමාර,රියදුරු එම්.ඒ.සෙනරත් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

GalleryGalleryGallery