පැය 02යි නිදා ගන්නේ , 6ට බස් එක අරන් කොළඹ එනවා පස්සර අනතුර අනතුරේ තවත් හෙළිදරව්වක්
Passara bus
By Thaya
පසුගිය දා ලුණුගල සිට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී, මොනරාගල බදුල්ල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් අඩි 200ක පමණ ප්‍රපාතයකට ඇද වැටුණා. මේ හේතුවෙන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 14 දෙනෙක් මිය ගිය අතර 42 දෙනෙකු පමණ තුවාල ලැබුවා. මේ අනතුර සම්බන්ධයෙන් ඊයේ (24) බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර දසනායක පාර්ලිමේන්තුවේදී අදහස් පල කළා. ඔහු සඳහන් කළේ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වන බස් රථවල රියදුරන් ධාවනයේදී පැය 2ක පමණ නින්දක් පමණක් ලබන බවයි.