අවදානම මැද පාසල් විවෘත කිරීම සුදුසුදැයි යළි සළකා බලන්න – SJB රජයෙන් ඉල්ලයි

schools opening
By Thaya Jan 12, 2021 11:36 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා අවදානම මධ්‍යයයේ පාසල් විවෘත කිරීමට ගත් තීරණය නිවැරදි දැයි යළි සළකා බලන ලෙස සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලීමක් කරනවා.

පවතින අවදානම් තත්වය හමුවේ පාසල් එකවර විවෘත කිරීම මගින් භයානක ප්‍රථිඵල අත්විය හැකි බවයි විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පෙන්වා දුන්නේ.

පාසල් විවෘත කළද දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව අපොහොසත්වී ඇඩි බවටද තිස්ස අත්තනායක මහතා චෝදනා කර සිටියා.

පාසල් විවෘත කිරීමට අවශ්‍යනම් එය අදියර කිහිපයක් යටතේ සිදුකළ හැකි බවත් හිතුවක්කාරී ලෙස පාසල් විවෘත කිරීම හරහා සිදුවන්නේ වෛරසය තවදුරටත් සමාජගතවීමක් බවත් තිස්ස අත්තනායක මහතා පෙන්වා දුන්නා.