අවුරුදු 6 දක්වා සියලුම දරුවන්ගේ ගිණුම් වලට සිංගප්පූරු ඩොලර් 400 බැගින් ලබාදීමට රජය තීරණය කරයි..
සිංගප්පූරුවේ වයස අවුරුදු හය දක්වා සියලුම දරුවන්ට සිංගප්පූරු ඩොලර් 400 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව, එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ, දරුවන් දෙලක්ෂ 40,000කගේ ළමා සංවර්ධන ගිණුම්වලට මෙම මුදල බැර කෙරෙන බවයි.
2023 වසරේ අයවැයෙන් ප්‍රකාශයට පත් කර ඇති මෙම මුදල දරුවන්ගේ මුල් වසරවලදී පවුලට අමතර මූල්‍යාධාරයක් වනු ඇති බවටයි රජය විශ්වාසය පළ කර ඇත්තේ.
මේ වනවිටත් සිංගප්පූරුවේ අවුරුදු හතත් විස්සත් අතර වයස්වල පසුවන තරුණ පිරිසට පශ්චාත් හෝ ද්වීතියික අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරු ඩොලර් 300 ක මුදලක් ද රජය ලබාදෙන බව ද වාර්තා වනවා.