නව වසර ආරම්භයත් සමග සියළුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන ලකුනු
price hike
bakery products
By Thaya
ලබන වසර ආරම්භයත් සමග සියළුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යා හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය මිල ඉහලයාම ඊට හේතු වන බවයි එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසුවේ.
නව රජය පත්වීමෙන් පසු මාජරින් මත අය කරන බදු මුදල රු. 200 සිට 600 දක්වා වැඩි කර ඇති බවත්, ඒ වෙනුවෙන් ලබා දුන් සහන කාලය දෙසැම්බර් මාසයේදී අවසන් වන බැවින් මෙලෙස බේකරි නිෂ්පාදන වල මිල ඉහළ යාමක් නව වසරේ බලාපොරොත්තු වීමට හැකි බවයි ඒ මහතා පවසන්නේ.