ක්‍රිකට් කොවිඩ් පොකුරක් නිර්මාණය වන ලකුණු
Cryptocurrencies
By Thaya
තවත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.
ඒ, දක්ෂ දඟ පන්දු යවන්නෙකු වන අක්සාර් පටෙල්ටයි.
මේ අනුව කොවිඩ් ආසාදනය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ යනවා.
අක්සාර් පටෙල් පසුගියදා පැවති එංගලන්ත – ඉන්දිය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ද සහභාගී වී තිබෙනවා.
එමෙන්ම ඔහු ලබන 09වනදා ආරම්භවන IPL ක්‍රිකට් තරගාවලියටද සහභාගී වීමට ද නියමිතව සිටියා.
මෙලෙස IPL සඳහා සහභාගී වීමට සිටි නිටීෂ් රානාටද මීට පෙර කොවිඩ් ආසාදනය වූ බව වාර්තා වුන්.
මේ අතර පසුගියදා පැවති රෝඩ් සේෆ්ට් වර්ල්ඩ් සිරිස් ක්‍රිකට් තරගාවලියට සහභාගී වු ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සචින් ටෙන්ඩුල්කාර්, ඉර්ෆාන් පතාන්, යූසුෆ් පතාන් සහ එස් බද්‍රිනාත් යන ක්‍රීඩකයින් 4දෙනාටත් කොවිඩ් ආසාදනය වුණා.
එමෙන්ම සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කෙරුණු බවද වාර්තා වුණා
