ශානි අබේසේකරට හෘද සැත්කමක් බාගෙට කර ආපසු වැලිකඩට ගිහින් දාලා..
Shani Abeysekara
By Thaya
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට හෘද සැත්කමක් සිදු කිරීමට නිර්දේශ මත කොළඹ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබියදී එය අර්ධ ලෙස සිදු කර එදිනම නැවතත් වැලිකඩ බන්ධනාගාරයට යවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අපේසේකර මහතාට ස්ටෙන්ට් දෙකක් දැමිය යුතු බව වෛද්‍ය නිර්දේශ තිබුනද ඉන් එකක් පමණක් යොදා නැවතත් බන්ධනාගාරයට ගෙන ගොස් ඇතැයි ඔහු පැවසීය. මෙය ශානි අබේසේකර සමග රජයේ ඇති වෛරය පිරිමසා ගැනීමට සිදු කරනු ලද කටයුත්තක් යයිද මන්ත්‍රීවරයා චෝදනා කළේය. මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.