ඊයේ සිට පැය කිහිපයක් තුල ඇතිවූ බරපතළ රිය අනතුරු කිහිපයක්
පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව ගල්බැම්ම හන්දිය ආසන්නයේදී ජීප් රථයක් රියදුරාට නින්දයෑමත් සමග මාර්ගයේ දකුණුපසට ධාවනය වී ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක ගැටීමෙන් අද(04) උදෑසන සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
දඹුල්ල - කණ්ඩලම මාර්ගයේ 1 කණුව ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව ( ට්‍රැක්ටරයේ දකුණුපස මඩ කවරය මත පැමිනි පුද්ගලයාට වැරදීමකින් ඇක්සලේටරය පෑගීයෑමෙන් ) මාර්ගයෙන් ඉවතට පැන පහල අතුරු මාර්ගයක පැමිනෙමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් පෙර දින(03) උදෑසන 10.30 ට පමන සිදුවූ අනතුර.
පොලොන්නරුව අරලගංවිල මාර්ගයේදී ටිපර් රථයක් වේගයත් සමග රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක් මතට පෙරලීයෑමෙන් පෙර දින (03) අනතුරක් සිදුවූ අතර අනතුරත් සමග යතුරුපැදිකරු තමන් දෙසට පැමිනෙන ටිපර් රථය දැක ඉන් පැනගැනීම ( යතුරුපැදියෙන් ) හේතුවෙන් ඔහුට කිසිදු හානියක් සිදු නොවී තිබුනා
ඡායාරූප-Accident 1st





