කොරෝනා අවධානම නිසා මුස්ලිම් පල්ලි කිහිපයක් වසා දැමේ
බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව සහ ගොරගහමඩ ප්‍රදේශ වල කොරෝනා වෛරස ආසාදනය වි ඇති මුස්ලිම් ආසාදිතයින් දෙදෙනකු තහවුරු විමත් සමග බලන්ගොඩ නගරය සභා සිමාවෙි ඇති මුස්ලිම් පල්ලි කිහිපයක් දින කිහිපයකට තාවකාලිකව වසා දැමිමට (06) දා තිරණය කල බව බලන්ගොඩ නගරසභාවෙි සභාපති චාමික ජයමණ විමලසේන මහතා පැවැසීය.
බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව ප්‍රදේශයේදී පදිංචි වයස අවුරුදු එක හමාරක දරැවෙකු සහ ගොරගහමඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරස ආසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සමග සාකච්ඡා කර එම තිරණය ගත් බවයි සභාපතිවරයා කියා සිටියේ.
කොරෝනා වෛරස තවදුරටත් පැතිරී පාලනය කිරිම සදහා සහ පල්ලි වලට ජනතාව ඒක රාශි විම වැලක්විම සදහා එම තීරණය ගනු ලැබු බවයි චාමික ජයමණ විමලසේන මහතා වැඩිදුරටත් කියා සිටියේ.
– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන