කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 කට ජලය කැපේ...එම ප්‍රදේශ මෙන්න.

Colombo Water
By Thaya Jan 22, 2021 07:20 PM GMT
Report

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, කොළඹ 01 සිට 03 දක්වා සහ කොළඹ 07 සිට 12 දක්වා ප්‍රදේශවලට හෙට පෙරවරු 9 සිට පැය 24 ක් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් සිදු කරන ගංවතුර පාලන ව්‍යාපෘතියේ ඉදිකිරිම් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය පොම්ප කරනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නළය විතැන් කිරීම ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබේ.