ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ බරපතළ අර්බුදයක්...04 දෙනෙකුට රතු එළියක්.

Rauf Hakeem
By Thaya Feb 06, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ බරපතළ අභ්‍යන්තර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් එම පක්ෂ මන්ත්‍රීවරුන් හතරදෙනාට දරන තනතුවලින් ඉවත් වන්නැයි පක්ෂ නායක රවුෆ් හකීම් විසින් දැනුම් දීමයි. අදාල මන්ත්‍රීවරුන් 04 දෙනා පක්ෂ නායකවරයාගේ තීරණයට විරුද්ධ වෙමින් ඊට එරෙහිව පියවර ගැනීමට සැරසෙයි. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රීවරුන් 05 දෙනකු සිටින අතර එයින් 04 දෙනෙක්ම විසි වෙනි සංශෝදනයට පක්ෂ වූහ.