ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා වෙනමම එන්නත් තොගයක්

Covid-19 Corona Vaccine
By Thaya Mar 06, 2021 06:17 PM GMT
Report

මෙරට කොවිඩ් මර්දන රාජකාරිවල නිරත ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා වෙනමම එන්නත් තොගයක් ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අද පෙරවරුවේ එය දැනුම්දී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කලේ. යුධ හමුදාපතිවරයා විසින් කොවිෂීල්ඩ් එන්නත ලබාගන්නා අවස්ථාවට මහ කොමසාරිස්වරයාද පැමිණ තිබූ අතර එහිදීයි මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.