නියපොතු වල සුන්දරත්වය තබා ගැනීම සදහා රහස්

Beauty Nails
By Thaya Feb 12, 2021 05:44 PM GMT
Thaya

Thaya

Report

කාන්තාවන් කවුරුත් කැමතියි තමන්ගේ නිය ඉක්මනින් ශක්තිමත්ව වැවෙනවා නම්. නියපොතු හැදෙන්නේ කැරොටීන් කියන ප්‍රෝටීනයෙන්. ඉතින් නියපොතු වල ආරාක්ෂාවට සහ වැඩීමට කැරට්, බතල, වට්ටක්කා වගේ එළවලු ඉතා ගුණයි. කාන්තාවන් නිතර නිය අලෙපනයන් භාවිතා කරන නිසා ඒවායේ තියෙන රසායනික ද්‍රව්‍ය නිය පොතු වලට අහිතකර බලපෑම් ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයා නොදැනුවත්ම ඔයා ඔයාගේ නියපොතු වලට හානි කර ගන්නවා. අද හැඩකාරී අපි ඔයාට ඔයාගේ නියපොතු වල සුන්දරත්වය හැමදාටම රැක ගන්න රහස් කිහිපයක් කියලා දෙනවා.නිය ආලේපන අලේප කරද්දීපළමුවෙනිම දේ තමයි නිය ආලේපන වල ප්‍රමිතිය. මොකද ප්‍රමිතියක් නැති නිය ආලේපන නිසා නියපොතු වලට වන හානිය හුගාක් වැඩියි. කාන්තාවන් නිතරම නිය ආලේපන ගල්වන නිසා ඔබ අනිවාර්යයෙන් බේස් කෝට් (Base Coat) එකක් නිය ආලේපනය ගල්වන්න කලින් නියපොතු වල ගාන්න ඔනේ. එමගින් නිය පොතු වලට වන හානිය වළක්වා ගන්න හැකියි. නිය ආලේපනය වේලෙන්නට හැර ඒ මත ටොප් කෝට් (top coat) එක අලේප කරන්න. ඔයා දන්නේ නැති දෙයක් තමයි නිතරම නිය ආලේපන ගානවිටදී නිය පොතු කහ පැහැති ස්වරුපයක් ගන්නවා. අනිවාර්යයෙන් නිවැරදි ආකාරයට nail polish remover එකකින් නිය ආලේපනය ඉවත් කරන්න.කහ පැහැති නිය පොතු වලට ස්වභාවික සත්කාරලෙමන් සත්කාරයලෙමන් වලට ඔයාගේ නියපොතු වල කහ පැහැති ස්වභාවය ඉතා ඉක්මනින් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. කුඩා බදුනක් ගෙන වතුර ස්වල්පයක් සහ ලෙමන් යුෂ එක් කර විනාඩි 10 ත් 15 ත් අතර කාලයක් තුළ ඔයාගේ නියපොතු ගිල්වා තබමින් දත් බුරුසුවක් ආධාරයෙන් සෙමින් නියපොතු අතුල්ලන්න. පස්සේ ඇල් වතුරෙන් සෝදා ඉවත් කර හොඳින් තෙතමාත්තු කරන්න. තෙතමනය ආරක්ෂා වෙන්න මොයිෂ්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කරන්න.බේකින් සෝඩා සත්කාරය බේකින් සෝඩා තේ හැඳි එකකට ඔලිව් තෙල් මේස හැන්දක් එක් කර නියපොතු වල ආලේප කර හොඳින් නියපොතු සම්භාහනය කර දත් බුරුසුවක් ආධාරයෙන් සෙමින් අතුල්ලන්න. විනාඩි 10 කින් ඇල් වතුරෙන් සෝදා ඉවත් කර හොඳින් තෙතමාත්තු කරන්න. මෙම සත්කාරය සතියකට දවසක් දෙකක්වත් කර ප්‍රතිඵල ලබා ගන්න.ඔයා නොදැනුවත්ම ඔයාගේ අතින් වෙන වැරදි01. ඔයා යමක් ගැන කල්පනා කර කර ඉන්න විටදී එක පාරටම ඔයාට නොදැනුවත්ම නියපොත්ත කටට යනවා. ඒ පුරුද්ද ඇත්තටම නරක පුරුද්දක්. ඉතින් ඔයාටත් ඒ නරක පුරුද්ද තියෙනවා නම් ඒ පුරුද්ද මග හැර ගන්න. මොකද නියපොතු කෑමක් නෙවෙයි නේ.02. එදිනෙදා කුස්සියේ වැඩ කරන විටදී නියපොතු වලට හානි සිදු වෙනවා. මේ දේ මගහරව ගන්න පුලුවන් එක දෙයක් තමයි අත් වැස්මක් භාවිතා කිරීම. Kitchen Gloves කියලා ඔයාට වෙළඳසැලෙන් ගන්න පුලුවන් රබර් ග්ලවුස් තියෙනවා. මුල් දවස දෙක ටිකක් අමුතුවට දැනුනත් ඉක්මනින්ම ඒ ගතිය මග හැරිලා ඔයා ග්ලවුස් එකට පුරුදු වෙනවා. වලන් පිඟන් හෝදනකොට ඔක්කොම එකතු කරලා එක විට සෝදන්න. එලවළු කපනකොටත් ග්ලවුස් එක පළඳින්න