බිහිසුණු රිය අනතුරකින් පාසල් දැරියක් මරුට.

Police Education Polonaruwa
By Thaya Feb 12, 2021 05:44 PM GMT
Report

මින්නේරිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පොළොන්නරුව මාර්ගයේ කොතලාවල හන්දියේදී පොළොන්නරුව දෙසට ගමන් කළ ලොරි රථයක් මාර්ගය හරහා ගමන්ගත් දැරියකගේ ගැටී අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. මියගොස් ඇත්තේ 12 හැවිරිදි ගිරිතලේ ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියකි. අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.