පාසල් සිසුවකු විදුලි සැර වැදී නුගේගොඩ බැංකුවක් තුළදී මරුට

Police
By Thaya Mar 25, 2021 07:34 PM GMT
Thaya

Thaya

Report

අවු.17 වයැසති බොරලැස්ගමුව, නිලම්මහර, ප්‍රදේශයේ පදිංචිව සිටි යසිරු කොළඹගේ නැමැති සිසුවා නුගේගොඩ, නාවල පෞද්ගලික බැංකු ගොඩනැගිල්ලක් තුළදී විදුලි සැර වැදීමෙන් පෙරේදා (22)දා ජීවිතක්ෂයට පත්ව ඇති බව මිරිහාන පොලිසිය පවසයි. මෙම සිසුවා මහරගම ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන බවත්, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුව සිටි අයෙකු බවත් පොලීසිය පවසයි.

මෙම සිසුවාගේ පියා නාවල පෞද්ගලික බැංකු ගොඩනැගිල්ලක වායුසමීකරණ අලුත්වැඩියා කටයුත්තක නිරතව සිටියදී ඊට සහාය දැක්වූ සිසුවාට මෙම අනතුර වී ඇති බවත්, විදුලි සැර වැදීමත් සමගම කළුබෝවිල ශික්ෂණ රෝහලට දරුවා ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය විය.මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි