ගඟේ නාන්න ගිය පාසල් සිසුවෙක් හා තරුණයෙක් අතුරුදන්.

Police
By Thaya Mar 12, 2021 06:45 PM GMT
Thaya

Thaya

Report

මහවෙල පොලිස් වසමේ අන්කන්ද විදුලිබලාගාරය ආසන්නයේ ඇති සුදු ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (11) උදෑසන 11ට පමණ එය සිදුව ඇති බවය.

මහවෙල පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වු පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. එලෙස අතුරුදන් ව ඇත්තේ වයස අවුරුදු 16 ක් වු පාසල් සිසුවෙක් හා අවුරුදු 26 ක දළුපොතගම පදිංචිකරුවන්ය. මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.