පාසල් සිසුන් සඳහා නව බස් සේවාවක්

covid19 quarantine dhilum amunugama school bus primary
By Sewvandhi Jul 06, 2021 09:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාසල් ළමුන් සඳහා නව බස් සේවාවක් ආරම්භ කරන බව විදේශ අමාත්‍ය දිලම් අමුනුගම මහතා පැවසීය.

එහි පරමාර්ථය වන්නේ පස්වන ශ්‍රේණියට අඩු ශ්‍රේණිවල සිසුන්ගේ ආරක්ෂාව සහතික කිරීමයි.

ජනතාවට පහසු ප්‍රවාහන සේවාවක් සැපයීමට රජය කැපවී සිටින බව අමාත්‍ය දිලම් අමුනුගම මහතා පැවසීය.

සියලු පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට සැලසුම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ ඉදිරි සතිය තුළ ගුරුවරුන්ට එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කරන බවය.

පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර සියලු ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමට පියවර ගන්නා බව ජී.එල්. පීරිස් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

"හැම ගුරුවරයෙකු සඳහාම එන්නත ලබාදීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් අපි සකස් කරගෙන යනවා. මේ රටේ ඉන්නවා ගුරුවරුන් 242,000ක් විතර. මාත්‍රා දෙකම අපි වෙන් කරලා ඒ වැඩපිළිවෙල දියත් කරනවා. ඒ වගේම අපි දැවැන්ත උත්සායක් දරනවා පාසල් යළි විවෘත කිරීමට."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha