බිහිසුණු අනතුරක් - පාසල් බස් රථයක් ටිපර් රථයක

Report

හැටන් - බගවන්තලාව මාර්ගයේ නෝර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේදී අද (22) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී ඇති බව පොලිසිය පවසයි.

අද උදෑසන 7:10ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ටිපර් රථය ලිස්සා ගොස් බස් රථයේ ගැටී ඇති බව වාර්තා වේ.

දරුවෙකුට ලිංගික අපයෝජනය කල චෝදනාවට රිමාන්ඩ් කල අටමස්ථානාධිපති හිමිට ඇප

දරුවෙකුට ලිංගික අපයෝජනය කල චෝදනාවට රිමාන්ඩ් කල අටමස්ථානාධිපති හිමිට ඇප

අනතුර සිදුවන අවස්ථාවේ එම බස් රථයේ සිසුන් සහ ගුරුවරුන් 20 දෙනෙකු පමණ ගමන් කර තිබේ. අනතුරින් බස් රථයට සහ ටිපර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ.

නෝර්වුඩ් පොලිසිය පවසන්නේ අයහපත් කාලගුණයත් සමග මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී රියැදුරන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට - කැළඹෙන කාලගුණයේ නවතම තොරතුරු

ශ්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට - කැළඹෙන කාලගුණයේ නවතම තොරතුරු