දෙමාපියන්ට හදිසි දැනුම්දීමක් - දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් 06ක් වැසේ

Report

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 06ක් අද (22) දිනයේ වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව රුවන්වැල්ල ප්‍රදේශයේ පාසල් 03ක් සහ දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 03ක් වසා දමා, එම පාසල්වල සිසුන් නිවෙස් වෙත යොමු කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.

පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෙසු පාසල් පවත්වාගෙන යාම හෝ නිවාඩු ලබාදීම සම්බන්ධ තීරණ ගැනීමේ වගකීම අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව දෙහිඕවිට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එල්. හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

මේ අතර, අධික වර්ෂාපතනය හේතුවෙන් කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගය දෙහිඕවිට ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

රතු නිවේදනයක්! කැලණි ගඟේ ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළට - ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක්

රතු නිවේදනයක්! කැලණි ගඟේ ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළට - ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක්

දෙමාපියන්ගේ අවධානයට - දරුවන්ට අධික උණ, බෙල්ලේ තද ගතිය තියෙනවා නම් වහාම PHI දැනුවත් කරන්න

දෙමාපියන්ගේ අවධානයට - දරුවන්ට අධික උණ, බෙල්ලේ තද ගතිය තියෙනවා නම් වහාම PHI දැනුවත් කරන්න