කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි

Report

කැලණි ගඟ නිම්නයේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් අවිස්සාවේල්ල සිට හංවැල්ල දක්වා ප්‍රදේශ රැසක ජල ගැලීම් තත්ත්ව වාර්තා වී ඇත.

ඒ අනුව කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

පුවක්පිටිය තුම්මෝදර හංදිය, සීතාවක උද්භිත උද්‍යානය අවට ප්‍රදේශය සහ යටියන්තොට ප්‍රදේශයේද ඇතැම් ස්ථාන ජලයෙන් යටවී පවතින බව සඳහන් වේ.

මේ අතර බැලුම්මහර - කඩුවෙල නව නුවර මාර්ගය උඩුපිල ප්‍රදේශයෙන්ද ජලයෙන් යටවී ඇති අතර, එම මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.

රතු නිවේදනයක්! කැලණි ගඟේ ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළට - ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක්

රතු නිවේදනයක්! කැලණි ගඟේ ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළට - ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක්

දෙමාපියන්ට හදිසි දැනුම්දීමක් - දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් 06ක් වැසේ

දෙමාපියන්ට හදිසි දැනුම්දීමක් - දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් 06ක් වැසේ