කොංගෝවේ ඉබෝලා රෝහලකට කෝපයට පත් පිරිසක් ගිනි තබයි

Report

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර ඉබෝලා වසංගතයේ කේන්ද්‍රස්ථානය වන ඉටුරි පළාතේ බුනියා නගරය ආසන්නයේ පිහිටි රුවම්පරා රෝහලේ කූඩාරම් කිහිපයකට කෝපයට පත් පිරිසක් විසින් ගිනිතබා ඇති බව වාර්තා වේ.

වෛරසයෙන් මියගිය බවට සැලකෙන තරුණයෙකුගේ දේහය භූමදානය සඳහා රැගෙන යාම ආරක්ෂක අංශ විසින් නවතා දැමීමෙන් පසු මෙම ප්‍රහාරය සිදුව ඇති බව සඳහන් වේ.

ගිනිතැබීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 6 දෙනෙකු පලාගොස් ඇති අතර, ඉබෝලා වෛරසය ඉතා බෝවන ස්වභාවයක් ඇති බැවින් ආරක්ෂිත භූමදානයක් සිදු කිරීම සඳහා බලධාරීන් පියවර ගෙන තිබූ බවද වාර්තා වේ.

ෆෝන් එක නැතිවුණාම පිස්සු හැදෙන්න කලින් මේ දේ නොකළොත් ඔබත් හිරේ - පොලීසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ෆෝන් එක නැතිවුණාම පිස්සු හැදෙන්න කලින් මේ දේ නොකළොත් ඔබත් හිරේ - පොලීසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්

අදාළ තරුණයා දේශීය පාපන්දු ක්‍රීඩකයෙකු බවත්, ඔහුගේ මව තම පුතා ඉබෝලා නොව ටයිෆොයිඩ් උණ රෝගයෙන් මියගිය බව විශ්වාස කරන බවත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

වසර ගණනාවක ගැටුම් හේතුවෙන් දැඩි අස්ථාවරත්වයකින් යුතු කොංගෝවේ මේ වනවිට 130කට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, රෝගීන් සංඛ්‍යාව 600 ඉක්මවා ඇති බව සඳහන් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම තත්ත්වය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, දුර්ලභ ඉබෝලා වර්ගයක් වන බුන්ඩිබුජියෝ විශේෂය මෙම ව්‍යාප්තියට සම්බන්ධ බවද වාර්තා වේ.

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ රතු නිවේදන - වහාම ඉවත් වෙන්නැයි දැනුම් දෙයි

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ රතු නිවේදන - වහාම ඉවත් වෙන්නැයි දැනුම් දෙයි

ලග්න කිහිපයකට අලුත් ව්‍යාපෘති සහ සුපිරි රැකියා අවස්ථා රැසක්

ලග්න කිහිපයකට අලුත් ව්‍යාපෘති සහ සුපිරි රැකියා අවස්ථා රැසක්