දරුවෙකුට ලිංගික අපයෝජනය කල චෝදනාවට රිමාන්ඩ් කල අටමස්ථානාධිපති හිමිට ඇප
අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාරගත කර සිටි අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (22) ඇප ලබා දී ඇත.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා පසුගිය 15 වනදා දී තිබූ නියෝගයකට අදාළව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා විසින් හේමරතන හිමියන් අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
ලිංගික අපයෝජන චෝදනාව බොරු.. භෞතිකව ඉදිරිපත් නොකර රිමාන්ඩ් කරන්න බෑ - අටමස්ථානාධිපති හිමියන්ගෙන් අධිකරණයට දැනුම් දීමක්
එහිදී රුපියල් ලක්ෂ 50 ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත අටමස්ථානාධිපති හිමියන්ව මුදා හැරීමට නියෝග කර ඇත. ඇප කොන්දේසි කඩ කළහොත් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කරන බව ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දෙනු ලැබුවේය.
එමෙන්ම පල්ලේගම හේමරතන හිමිට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.