5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක් - දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ අවදානයට

Report

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ 2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බවයි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම තහනම ශිෂ්‍යත්ව විභාග කටයුතු අවසන් වනතුරු බලපැවැත්වෙන අතර එම කාලය තුළ ශිෂ්‍යත්ව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම හෝ ප්‍රචාරය කිරීමද තහනම් බවයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය කල් යයිද? බිහිසුණු කාලගුණය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය කල් යයිද? බිහිසුණු කාලගුණය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව

මීට අමතරව විභාග ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒවාට සමාන ප්‍රශ්න ලබාදෙන බවට සඳහන් පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා මෙන්ම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ එවැනි ප්‍රචාර සිදු කිරීම හෝ එවැනි ද්‍රව්‍ය ළඟ තබා ගැනීමද සපුරා තහනම් වේ. අගෝස්තු 09 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී 2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සූදානම්ව ඇත.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ආයේ මේ විදිහට ඔන්ලයින් සල්ලි තහනම් - මෙවැනි වෙබ් අඩවි අවහිර කිරීමට සමාගම් වෙත නියෝග

ආයේ මේ විදිහට ඔන්ලයින් සල්ලි තහනම් - මෙවැනි වෙබ් අඩවි අවහිර කිරීමට සමාගම් වෙත නියෝග

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව‍, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තම්න්තුවේ නියෝජිතයින් අතර අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ විභාග කටයුතු සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේය.