සමගි ජන බලවේගය සහ UNP ය එකට එක්විය යුතුමයි – තිස්ස

unp tissa SJB
By Thaya Jan 12, 2021 07:45 PM GMT
Thaya

Thaya

Report

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකම දේශපාලන ව්‍යාපාරයක් බවට පත් පත්කිරීමට තමන් නිරතුරුවම කැප වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට නම් පක්ෂ දෙක එකට එක්වීම ඉතා වැදගත් කාරණාවක් බවයි.

මේ අතර සංචාරකයින් සඳහා මෙරට විවෘත වීම පිළිබඳ දරණ මතය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් ඔහුගෙන් අදහස් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වීම තුළ මෙරට ජනතාවගේ ජීවිත වලට දැඩි සෞඛ්‍ය අවදානමක් එල්ල වී ඇති බවයි.