විභාග පවත්වන කාලය යළි සලකා බලන්නැයි විපක්ෂ නායක ඉල්ලයි

education Sajith premadasa sri lankw Pandamic situation
By Sithumi Jul 12, 2021 06:00 PM GMT
Sithumi

Sithumi

Report

එළඹෙන ඔක්තෝබර් 3 වනදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සහ ඔක්තෝබර් 4 වනදා අරම්භවීමට නියමිත උසස් පෙළ විභාග කල්දමන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටින්නේ එම විභාග කල්දමා විෂය නිර්දේශ ආවරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසය. විභාග දෙකම පැවැත්වෙන්නේ එම දරුවන් බරපතළ මානසික පීඩාවන් රැසකට මුහුණ දී සිටින තත්ත්වයක් තුළදී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

මුළුමනින්ම පාහේ පාසල් අධ්‍යාපනය සහ උපකාරක පන්ති අධ්‍යාපනය ද බිඳවැටී ඇති තත්ත්වයක් තුළ එම දරුවන් දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය මෙරට බොහෝ තැන්වලට තවමත් ආගන්තුක වන අතර පාසල් 2,000ට වැඩි ප්‍රමාණයකට කිසිදු ඔන්ලයින් පහසුකමක් නැති බවත් මාර්ගගත අධ්‍යාපනය නංවන්නට ආණ්ඩුව මෙතෙක් ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කිරීමට ද අසමත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


Gallery
ReeCha