විපක්ෂ නායකවරයා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදකී

Report

සමාජ මාධ්‍ය හරහා කොතෙකුත් ප්‍රහාර සිදු වුවත් ගමන නිවැරදි නම් ඉවසීම ඇත්නම් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මඩ ප්‍රහාර නොතැකිය යුතු බවත් කෙදිනක හෝ සත්‍ය ජය ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැසුණි. එහිදී අදහස් දැක්වූ ඔහු සඳහන් කර ඇත්තේ, සමාජ මාධ්‍ය හරහා කොතෙකුත් ප්‍රහාර සිදු වුවත් ගමන නිවැරදි නම් ඉවසීම ඇත්නම් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මඩ ප්‍රහාර නොතැකිය යුතු බවත් කෙදිනක හෝ සත්‍ය ජය ගන්නා බවයි.

ඒ අනුව තමා තරයේ විශ්වාස කරන ආකාරයට සත්‍ය ජය ගන්නා බවත් එදා රණසිංහ ප්‍රේමදාස මහතාට දෝශාභියෝගය ගෙන ආ අවස්ථාවේ එදා පෙනී සිටියේ ද මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බවත්, තමා චීවරයටත් මහා සංඝ රත්නයට, ආගමික නායකයන්ට ගරු කරන බවත් එය කිසිදින වෙනස් නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම සියලුම ආගම් ජන කොට්ඨාස පක්ෂ නියෝජනය වන කවුන්සිලයක් ගොඩනගා ඒ හරහා මේ ගැටලු සාකච්ඡා කළ යුතු බවත් ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය ජාතිභේද ඇති කිරීමට ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති ආකාරයට බුදු සසුන රැක ගන්නවාසේම සෙසු ආගම් ජාතින් ආරක්ෂා කරන්න වැඩ කළ යුතු බවත් මේ දෙවැනි පරිච්ඡේදයේ සදහන් කරුණු රජය ක්‍රියාත්මක නොකරන බවත් ඔහු සඳහන් කළේය.

අනතුරුව මෙහිදී අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසුවේ භික්ෂූන් වහන්සේලාට ගැරහීම් සිදු වූයේ වත්මන් රජය යටතේ බවත් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ දුර සිටින ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වෙනමම ධර්ම ශාලා සකස් කළ බවත් දැන් ඒ කිසිවක් සිදු නොවන බවත් එය කණගාටුවට කරුණක් බවත් ය.

කුඩා දරුවන් සම්බන්ධයෙන් රිජ්වේ රෝහලින් අසුබ ආරංචියක් - හේතුව මෙන්න

කුඩා දරුවන් සම්බන්ධයෙන් රිජ්වේ රෝහලින් අසුබ ආරංචියක් - හේතුව මෙන්න