ට්‍රම්ප්ගේ බද්ද ගැන සජිත්ගෙන් රජයට චෝදනා
ඇමරිකානු ජනාධිපති විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් 30%,ක තීරු බද්දක් නියම කළ අතර ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා මේ වන විටත් අදහස් ප්‍රකාශ කරමින් සිටියි.
ඒ අතරින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවේ ආනයන සඳහා වන තීරුබදු සියයට 30කින් ඉහල නැංවීම රජයේ නියෝජිතයින්ගේ දුර්වල හා ආත්මාර්ථකාමී සාකච්ඡාවල ප්‍රතිඵලයක් බවයි.
පෙළපොත් විශේෂඥයින්, සැබෑ ලෝකයේ සංකීර්ණ සාකච්ඡා සඳහා යොමුකිරීමේ අයහපත් ප්‍රතිඵල මින් පෙන්නුම් කෙරෙන බව විපක්ෂ නායකවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.